Sports

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා-නෙදර්ලන්ත තරගය අද.

Published

on

2023 එක්දින ලෝක කුසලානය තරගාවලියට සුදුසකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටයේ දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර අද දහවල් 12.30ට සිම්බාබ්වේ දේශයේ බුලවායෝ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. බී කාණ්ඩය යටතේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා තරග වැදුනු ශ්‍රී ලංකාව මීට පෙර ඕමානය හා ස්කොට්ලන්තය සමග පැවැති තරග ජයගනිමින් ප්‍රසාද ලකුණු 4ක් සහ 2.698ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. සුපිරි 6 දෙනාගේ වටය ආරම්භ කරමින් සිම්බාබ්වේ හා ඕමානය අතර ඊයේ පැවති පළමු තරගයෙන්
සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 14ක තියුණු ජයක් ලබාගත්තා.

Trending

Exit mobile version