Sports

බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවයි.

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. ඒ ඊයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක්වීම හේතුවෙන්. ඒ අනුව බිනුර ප්‍රනාන්දුට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇති. මේ වන විටත් ලෝක කුසලාන සංචිතයට නම් කෙරුණු බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධවලට ලක්ව ඇත. ඒ අතර සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක සහ ඩිල්ෂාන් මධුශංක ද වනවා. ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයන් ලෙස කැඳවූ නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ වීසා ගැටලුවක් හේතුවෙන් තවමත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය නවසීලන්තය සමගින් ඔක්තෝබර් 29 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Trending

Exit mobile version