Sports

බංග්ලාදේශය කඩුලු 5කින් පරාජය කරමින් ශ්‍රී ලංකාවෙන් ආසියානු කුසලානයට සුපිරි ආරම්භයක්.

Published

on

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් කඩුළලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක Shakib Al Hasan පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 42.4ක් අවසානයේ සියළුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto ලකුණු 89ක් රැස් කළා. අන් කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට හැකි වූයේ නැත. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙළුවා. මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා. තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. ලකුණු 165ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට මුල් පෙළ පිතිකරුවන්ට නොහැකි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු තුන ලකුණු 43ක් තුළ දැවී ගියා. එහෙත් ඉන් පසු පිටියේ එක් වූ සධීර සමරවික්‍රම හා චරිත් අසලංක ලකුණු 78ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහිදී චරිත් අසලංක ලකුණු 62ක් හා සධීර සමරවික්‍රම ලකුණු 54ක් ලබාගත්තා. පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් Shakib Al Hasan කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව අඛණ්ඩව එක්දින තරග 11ක් ජයගත් පළමු අවස්ථාව ලෙස මෙ​ය ඉතිහාසයට එක්වෙනවා.

Trending

Exit mobile version