Sports

පළමු තරගයෙන් ජැෆ්නා කණ්ඩායමට ලකුණු 24ක සුපිරි ජයක්.

Published

on

LPL තරගාවලිය අරඹමින් අද පැවති පළමු තරගයෙන් ලකුණු 24ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් රැස් කරගැනීමට සමත් විය. පන්දු 43කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් විය. ගෝල් කණ්ඩායම වෙනුවෙන් වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ජැෆ්නා පන්දු යවන්නන් අවස්ථාවක් ලබාදුන්නේ නැත. එහිදී ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ විජයකාන්ත් වියස්කාන්ත් පන්දුවාර 4කදී ලකුණු 20කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා. බිනුර ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙළුවා. මහීෂ් තීක්ෂණ, James Fuller, දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

Trending

Exit mobile version