Sports

දසුන්ගේ සාර්ථකත්වයේ රහස.

Published

on

කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීමට පහසු වී ඇති බව
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දසුන් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මෙසේ පවසා සිටියේය. “ටීම් එකේ එක නමක් කියලා කවුරුවත් වෙනම ඉන්න හදන්නේ නෑ . IPL ක්‍රීඩා කරලා තියෙනවා හසරංග, චාමික, භානුක, ඒ වගේම අනිත් ලීග්ස් ඔක්කොම ක්‍රීඩා කරනවා. එතකොට එහෙම ගැහුවා කියලා කවුරුත් “මං පොර” කියන තැන ඉන්නේ නෑ. හැමෝම එක ලෙවල් එකට බැහැලා, ටීම් එකේ හැමෝම එක මට්ටමින් හිතන තැන ඉන්නේ. මම හිතන්නේ ඒක මාර උදව්වක්, වනිඳු පොඩි කෙනෙක්ට ගිහිල්ලා මොනවා හරි උපදෙසක් දුන්නම ඒක ගොඩක් වෙලාවට ඇප්ලයි කරනවා, ඒ වගේ ම අනිත් ක්‍රීඩකයෝ දෙන ඒවත් අහලා ඒ වෙලාවට තීරණය කරනවා මොකක්ද කරන්න ඕන හරි දේ කියලා. ඒක හින්දා තමයි මම හිතන්නේ මට ලේසි වෙන්නේ කණ්ඩායම මෙහෙයවන්න. මට තනියම ක්‍රෙඩිට් එක ගන්න බෑ කොයිම වෙලාවකවත්. කණ්ඩායම විදියට ඒ කණ්ඩායමේ ඉන්න හැමෝම, හැම සාමාජිකයෙක්ටම ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන. ඒකයි විශේෂත්වය කණ්ඩායමේ තියෙන.”

Trending

Exit mobile version