Sports

ජෙෆරිගේ පන්දු යැවීම හමුවේ ඉන්දියාව පරාජය කිරීම පහසු කරයි

Published

on

ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ඨ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාපිලට සංචාරක ඉන්දීය පිල පරදා ලකුණු 32ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉවහල් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (04) රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.

ඉන්දියාව මෙම පරාජය ලැබුවේ පළමු කඩුල්ලට පන්දුවාර 13.3කදී ලකුණු 97ක ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගෙන සිටියදී වීම ද විශේෂිතය.

ඉන්දීය ඉනිම ආරම්භ කළ නායක රෝහිත් ශර්මා ප්‍රහාරාත්මක ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය.

පන්දු 44කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් හා හතරේ පහර 05ක් ඇතුළත් විය.

ඊට අමතරව අක්ෂාර් පටෙල් ලකුණු 44ක්ද, ශුබ්මන් ගිල් ලකුණු 35ක්ද රැස්කළේය.

ඉන්දීය ඉනිම මෙල්ල කිරීමේ සම්පූර්ණ බර කරට ගත් ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 06ම දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ආවේය.

වැන්ඩර්සේගේ මෙම පන්දු යැවීම (6/33) ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව පන්දු යවන්නෙකු දැක්වූ තෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරටද එක්විය.

කසෙ‍ේවුවද, එතෙක් මෙතෙක් ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (7/30) විසිනි.

Trending

Exit mobile version