Sports

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 9ක විශිෂ්ට ජයක් – ප්‍රසාද ලකුණු සටහනේත් ඉදිරියට.

Published

on

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටය සුපිරි ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූයේ අයර්ලන්ත කණ්ඩායම කඩුළු 9කින් පරාජයට පත් කරමිනි. අද තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 128ක් රැස් කිරීමට සමත් වුණා. අයර්ලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Harry Tector පන්දු 42කදී ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් වුණා. අයර්ලන්ත නායක Paul Stirling ලකුණු 34ක් රැස් කළ අතර අන් කිසිදු අයර්ලන්ත පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ. පන්දු යැවීමේදී මහිෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 15ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 133ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළා. විශිෂ්ට මෙන්ඩිස් පන්දු 43ක් තුළදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග වේගවත් ලකුණු 68ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 31ක් සහ ධනංජය සිල්වා ලකුණු 31ක් රැස් කළා. පන්දු යැවීමේදී Gareth Delany එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයට සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකාව එළඹෙන 25 වන දින සත්කාරක ඔස්ට්‍රේලියාව සමග තරග බිමට පිවීසිමට නියමිතයි. තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්,

Trending

Exit mobile version