Sports

කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාවක්.

Published

on

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ මෙම තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේදී හයේ පහර 11ක් එල්ල කරමිනි. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ටෙස්ට් ඉනිමකදී එල්ල කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවයි. මීට පෙර බංගලාදේශය සමඟ 2014 වසරේදී පැවති ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාර විසින් හයේ පහර 08ක් එල්ල කර තිබුණා. එහෙත් කුසල් මෙන්ඩිස් විසින් අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ සහ අද දිනයේදී හයේ පහරවල් 11ක් එල්ල කිරීමත් සමගම එම වාර්තාව බිඳ වැටුණා. මේ අතර කුසල් මෙන්ඩිස් අද සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගැනීමටද සමත් වුණා.

Trending

Exit mobile version