Sports

කුසල්ගෙන් ශතකයක් සහ නිශාන් මධුෂ්කගෙන් ද්විත්ව ශතකයක් – ශ්‍රී ලංකාව ප්‍රබල තත්වයක.

Published

on

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා. එහිදී ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට සමත් වුණා. ඒ සඳහා ඔහු වැය කළ පන්දු ගණන 322ක්. ඊට හතරේ පහර 22ක් සහ හයේ පහරක් ඇතුළත් වුණා. ඔහුට අනගි සහායක් ලබාදෙමින් අනෙක් අන්තයේ පිටියේ රැඳී සිටියේ කුසල් මෙන්ඩිස්. ඔහු සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය ලබා ගැනීමට සමත් වුණා. තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දිවා ආහාරය තරගය නතර කරන විට සඳහා ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටියේ කුසල් මෙන්ඩිස් සහ නිශාන් මධුෂ්කයි. ඒ වන ශ්‍රී ලංකා පළමු ඉනිම සතන් වූයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 489ක් ලෙසින්. ඒ වන විට නිශාන් මධුෂ්ක ලකුණු 202ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 160ක් ලබා සිටියා. කුසල් හා නිශාන් අතර දෙවන කඩුල්ල සඳහා ගොඩනැගුණු සබඳතාව ලකුණු 260ක්. ඒ වන විට ශ්‍රී ලංකාව අයර්ලන්තයට වඩා ලකුණු 04ක් පසුපසින් සිටියා.

Trending

Exit mobile version