Local News

එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලයට.

Published

on

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයට ක්‍රීඩා කරමින් සුපිරි දොළොස්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර ඕස්ට්‍රේලියාවේදී පුහුණුවීම්ද ආරම්භ කර තිබෙනවා. ආසියානු ශූරයින් ලෙස ජයග්‍රාහී මානසිකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට ප්‍රවිෂ්ට වනවා. මේ අතර ඊයේ දිනය වනතෙක්ම ශ්‍රී ලංකාව තුළ එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දේශීය විකාශන අයිතිය කිසිදු නාලිකාවක් විසින් ලබාගෙන තිබුණේ නැහැ. ICCය විසින් ප්‍රකාශයට පත් කළ දේශිය විකාශන අයිතින් හිමි රෑපවාහිනි නාලිකා අතරද ශ්‍රී ලංකාවේ නාලිකාවක් සඳහන් වූයේ නැහැ. කෙසේ නමුත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව මීට සුළු මොහොතකට පෙර වාර්තා වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දේශීය විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් ලබා ගෙන ඇති බවයි. ඒ අනුව මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නැරඹීම අහිමි වීමේ අවදානමක් මතුව තිබු ලෝක කුසලාන තරගාවලියේ සියලුම තරග සිරස මාධ්‍ය ජාලයේ නාලිකාවක් ඔස්සේ නැරඹීමේ අවස්ථාව මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවනවා.

Trending

Exit mobile version