Local News

උපුල් තරංග අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණයෙන් වරෙන්තුවක්

Published

on

ශ්‍රී ලංකා‌ තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලෙසට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තුවක් නිකුත් කලේය.

ඒ, තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

‍‍“‍ලෙජන්ඩ් ට්‍රෝෆි 2024”‍ ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

ඒ, එම තරගාවලියට සහභාගි වූ කැන්ඩි සෑම් ආම් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා විසින් තමන්ට තරඟ පාවා දීමේ යෝජනාව සිදුකළ බවට පවසමිනි.

ඊට අදාළ නඩුව අද මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ අද කැඳවූ අතර එහිදී උපුල් තරංගගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබූ බව සඳහන්ය.

කෙසේ වෙතත් උපුල් තරංග අධිකරණයට නොදන්වා අමෙරිකානු නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා විදෙස් ගතවී ඇති බවටයි එහිදී අනාවරණ විය.

ඒ අනුව ඔහුට මෙරටට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version