Local News

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 29ක් අතුරුදන් වී ඇත

Published

on

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර තිබෙන බව ‘ලංකාදීප’ වාර්තා කර තිබේ.

ප්‍රධාන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෙඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු කාර්යාල කිහිපයක තිබු වාහන හා යතුරුපැදි මෙසේ අස්ථානගතව තිබෙන බව වාර්තා කර ඇත.

අස්ථානගතව ඇති මෙම වාහන 19ට හිටපු අමාත්‍යවරුන් ඇතුළු විධායක නිලධාරින් විසින් භාවිතා කළ මෝටර් රථ,කැබ් රථ හා ජිප් රථද ඇතුළත් බවද එහි සඳහන්ය.

අතුරුදන්ව ඇති යතුරු පැදි ක්ෂෙත්‍ර නිලධාරින්ට ලබාදුන් ඒවා වන අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික අනුව උතුරු මැද පළාත් සභාව අයත් මෙම වාහන පළාත් සභාව තුල භෞතිකව දක්නට නොලැබුණ බවද විගණන වාර්තාවේ සදහන් වන බව ‘ලංකාදීප’ වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version