Sports

ඉන්දු – ශ්‍රී ලංකා තරගයේ ශ්‍රී ලංකාවට ලකුණු 162ක ඉලක්කයක්.

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී Ishan Kishan ලකුණු 37ක්, නොදැවී පන්දුවට පහරදුන් Deepak Hooda ලකුණු 41ක් හා Axar Patel ලකුණු 31ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා හා වනිඳු හසරංග එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවී ඇති ඉලක්කය ලකුණු 163ක්.

Trending

Exit mobile version