Sports

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 10ක ජයක්.

Published

on

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ අනුව අයර්ලන්තය සමග පැවති තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 704ක් රැස් කළා. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සදහා සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තයට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 202ක් පමණයි. එහිදී Harry Tector ලකුණු 85ක් සහ අයර්ලන්ත නායක Andrew Balbirnie ලකුණු 46ක් රැස් කළා. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 5ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් බිඳ හෙළුවා. තරගයේ වීරයා ප්‍රභාත් ජයසූරිය වන අතර තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්.

Trending

Exit mobile version