Sports

Jaffna Kings කණ්ඩායමට ලකුණු 16ක විශිෂ්ට ජයක්.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Gladiators කණ්ඩායමට එරෙහිව ලකුණු 16ක සුපිරි ජයක් ලබාගැනීමට Jaffna Kings කණ්ඩායම අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනු Jaffna Kings කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තිරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 170ක් රැස් කරගැනීමට සමත් විය. එහිදී Afif Hossain ලකුණු 54ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 32ක් රැස් කළා. Wahab Riaz කඩුලු 3ක් සහ නුවන් තුෂාර කඩුලු 2ක් බිඳ හෙළුවා. ඒ ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි Galle Gladiators කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ 154ක් පමණයි. Galle Gladiators නායක කුසල් මෙන්ඩිස් ලකුණු 58ක් රැස් කළ අතර Iftikhar Ahmed ලකුණු 23ක් රැස් කළේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් දවාගත්තේය.

Trending

Exit mobile version