International

ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරළියක්.

Published

on

ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට පෙරමුණ ගැනීමට සමත්ව තිබෙන්වා. ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ කණ්ඩායම බවට පත්වීමත් සමග ඉන්දීය කණ්ඩායමට මෙම සුවිශේෂී අවස්ථාව හිමිව ඇත. ඒ අනුව මේ වනවිටත් එක්දින සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ කණ්ඩායම බවට පත්ව සිටි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලිනුත් අංක එකට පැමිණීමට සමත්ව ඇත. ඉන්දීය කණ්ඩායමට එක්දින ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 114කි. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 267ක් වනවා. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 115ක්. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 132කින් ජයගැනීමත් සමග ඉන්දීය කණ්ඩායම මෙලෙස ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණීමට සමත්ව තිබෙනවා. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 111ක්. එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 106ක් හිමි කරගනිමින් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානයේ පසුවෙයි.

Trending

Exit mobile version