International

Chennai Super Kings කණ්ඩායම IPL PLAY-OFF වටයට.

Published

on

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67 වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 77ක ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම අද සමත් වුණා. ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් මෙවර තරගාවලියේ පළමු වටය නිමා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වූයේ PLAY-OFF වටයේ සිය ස්ථානය තහවුරු කරගනිමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 223ක් රැස් කිරීමට සමත් වුණා. Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Devon Conway පන්දු 52කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 87ක් රැස් කළා. Ruturaj Gaikwad ලකුණු 79ක් රැස් කළ අතර Shivam Dube ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 224ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 146ක් පමණයි. Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක David Warner පන්දු 58කදී ලකුණු 86ක් රැස් කල අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කර යෑමට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී Deepak Chahar කඩුළු 3ක්, මතිෂ පතිරණ සහ මහිෂ් තීක්ෂණ කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.

Trending

Exit mobile version