Local News

13 වන සංශෝධන​ය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්.

Published

on

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එමෙන්ම 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ, ඒ අනුව බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව හරහා 13 වැනි ව්‍යවස්ථාව සංශෝධනය අහෝසි කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. 13 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවයි ජනාධිපතිවරයා ඊයේ පැවැති සර්ව පාක්ෂික හමුව අමතමින් සඳහන් කළේ. ඊට බහුතරය අකමැති වුවහොත් සිදු වන්නේ එය ක්‍රියාත්මක කිරීම පමණක් බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළා.

Trending

Exit mobile version