Local News

හෝමාගම සැරිසරන මුව රංචුවට ජලභීතිකාව දැයි සැකයක්.

Published

on

හෝමාගම සහ පනාගොඩ ප්‍රදේශ ආශ්‍රිත ව සැරිසරන මුව රංචුවෙන් කොටසකට ජල භීතිකා රෝගය වැළඳී ඇති බවට සැක මතු වී තිබෙනවා. ඒ මියගොස් සිටි මුවන් දෙදෙනෙකුගේ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී කළ පරීක්ෂාවෙන් එම සතුන්ට ජලභීතිකාව වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ යි.
මේ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ කණ්ඩායමක් අද (17) එම ප්‍රදේශයට පිටත්ව යාමට නියමිත බව යි මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි කියා සිටියේ.

Trending

Exit mobile version