International

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක්

Published

on

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. 

මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මෙම අලුත් සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා, මීටර් 10 ක් පළල ග්‍රහකයකි. 

විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 PT5 යන නමිනි. 

විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදාය. 

ග්‍රහකය මේ වනවිට පෘථිවිය දෙසට පැමිණෙමින් ඇත.

ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ අභ්‍යවකාශයේ සැරිසරයි. 

සමහර ඒවා මීටරයකට වඩා ප්‍රමාණයෙන් කුඩාය. 

සමහර ඒවා කිලෝ මීටර් දහස් ගණනක් විශාලය. ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ පෘථිවිය දෙසට පැමිණීම අරුමයක් නොවෙයි. 

දැවැන්ත ග්‍රහක බොහොමයක් පෘථිවිය පසු කර යයි. ඇතැම් කුඩා ග්‍රහක පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී විනාශ වෙයි.

මේ 2024 PT5 ග්‍රහකය පෘථිවිය අසලින් යද්දී, එය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවනු ඇතැයි විද්‍යාඥයයන් ගණනය කර ඇත. 

එසේ හසුවූ විට එය පෘථිවිය සමඟ රැ‍ඳෙමින් පෘථිවිය වටා භ්‍රමණය වීමට පටන් ගනී. පෘථිවියට අලුතින් කුඩා සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් ලැබෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ඒ අනුවය.

2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් හෙට (සැප්තැම්බර් 29 වැනිදා සිට), ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී තිබෙනු ඇති බවත් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යනු ඇති බවත් පැවැසෙයි.

එන්.ඩී.ටීවී ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version