Local News

සමූපකාර ඡන්දයට ඉදිරිපත්වූ සනත් නිශාන්තට 11 වන ස්ථානය.

Published

on

ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉන් පරාජයට පත් වී තිබුණා. ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද විමසීම පෙරේදා (17) පවත්වා ඇති අතර එහිදී ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත් කර ගැනුණා. ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ප්‍රාදේශික 23ටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග වැදුණා. ඒ හේතුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණා. නමුත් රාජ්‍ය ඇමති සනත් නිශාන්තට එහිදී හිමි වූයේ 11 වන ස්ථානයයි. එම ඡන්ද විමසීමට සහභාගී වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සොයුරු ජගත් සමන්ත මහතා ඉන් පස්වැනි ස්ථානයට පත් වී සභිකයකු ලෙස තේරීපත් වී තිබුණි. මෙහිදි තෝරා පත් කෙරුණු සභිකයින් 9 අතරින් 06ක්ම දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති බවද වාර්තා විය.

Trending

Exit mobile version