Local News

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද්ට අධිකරණයෙන් නියෝගයක්

Published

on

ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ජංගම දුරකථන භාරදෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසයි. දුරකථන භාරදීමෙන් පසුව අදාළ සැකකරුවන් මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

Trending

Exit mobile version