International

මැතිවරණයට සති දෙකකටත් පෙර ලූලා ඉදිරියට.

Published

on

ඊයේ (22) ප්‍රකාශයට පත් කරන ලද මැතිවරණ පූර්ව මත විමසුමකදී බ්‍රසීලයේ හිටපු ජනාධිපති, මෙවර ජනපති අපේක්ෂකයෙකු වන ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා, ජනාධිපතිවරණයේ දෙවන වටයේදී වත්මන් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වඩා 14%ක ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ එළඹෙන ඔක්තෝබර් 2 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්දයට සති දෙකකටත් අඩු කාලයකට පෙර‍යි. Datafolha සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ මැතිවරණයේ පළමු වටයේ දී ලූලාට 47%ක ජනතා මනාපයක් පවතින බවත්, බොල්සොනාරෝට 33%ක ජනතා මනාපයක් පමණක් පවතින බවයි. මේ අතර එම වාර්තාවන් අනුව සඳහන් වන්නේ ජනාධිපතිවරණයේ දෙවන වටයේ දී, ලූලා 54%ක ජනතා සහාය ලබන බවත් බොල්සොනාරෝට හිමි වන්නේ 38%ක ජනතා සහායක් බවත් අනුමාන කෙරෙනවා.

Trending

Exit mobile version