Sports

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව – 162/5

Published

on

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා සිටිනවා. සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව අද දිනය ආරම්භ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 305 ක් ලබා සිටි අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 355ක් ලබා ගත්තා. ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ Tom Latham ලකුණු 67කට දැවීගිය අතර Devon Conway ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා. මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින Daryl Mitchell ලකුණු 40ක් හා Michael Bracewell ලකුණු 9ක් ලබා සිටිනවා. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු හා ළහිරු කුමාර කඩුලු 2 බැගින් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

Trending

Exit mobile version