International

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපානය, චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කරයි.

Published

on

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා එක්වන ලෙසට ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් වන චීනය, ඉන්දියාව ඇතුළු රටවල්වලින් ජපානය ඉල්ලීමක් කර තිබුණි. ජපානයේ ටෝකියෝ නුවර අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා විසින් එම ඉල්ලීම කරන ලදී. ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟත්වයකට එළඹීමෙන් අනතුරුව ජපානය මෙය නිවේදනය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට අදාළ ණය පහසුකම ලබාදීම සඳහා ඉදිරිපත් කර ඇති මූලික කොන්දේසියක් ලෙස ප්‍රධාන ණය හිමි රටවල් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟත්වයකට පැමිණීම අවශ්‍ය බව ප්‍රකාශකර තිබුණි. මේ අතර ඉකුත් අප්‍රේල් මාසයේ ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්ව තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

Trending

Exit mobile version