Sports

ශ්‍රී ලංකාවට ලකුණු 275ක ඉලක්කයක්.

Published

on

සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය මේ වන විට නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පහර දුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 274ක් පමණයි. පන්දුවට පහර දීමේදී ෆින් ඇලන් ලකුණු 51ක්, සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන රචින් රවින්ද්‍ර ලකුණු 49ක් සහ ඩැරිල් මිචෙල් ලකුණු 47ක් රැස් කළා. ග්ලෙන් පිලිප්ස් ලකුණු 39යි. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත් අතර ළහිරු කුමාර සහ කසුන් රාජිත කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.

Trending

Exit mobile version