Local News

විෂ්ණු දේවාලයේ නව බස්නායක නිලමේ ධුරයට චන්දන මුල්ලේගම.

Published

on

ඓතිහාසික හත්කෝරළේ මහ දිසාවේ දේවමැදිහත් හත්පත්තුවේ, දේව මැද්දේ කෝරළයේ, වාරියපොල ගොන්නව ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ අභිනව බස්නායක නිලමේ ධූරයට චන්දන ඒකනායක මුල්ලේගම පත්ව තිබෙනවා. බස්නායක නිලමේ නිලවරණය 2022 දෙසැම්බර් මස 9 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර චන්දන මුල්ලේගම ඡන්ද 11ක් ලබා ගෙන ජයග්‍රහණය කළේය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වුයේ හිටපු බස්නායක නිලමේවරයායි. ඔහු ට මෙහිදී හිමි වූයේ ඡන්ද 8ක් පමණි. වර්ෂ 1828 දී කුරුණෑගල කැන්දවල දේවාලයේ බස්නායක නිලමේ ධුරයට පත් මුල්ලේගම අදිකාරම් නිලමේ චන්දන මුල්ලේගම නිලමේගේ කිරිකිත්තාය. වර්ෂ 1831 දී ශ්‍රිමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් ඔහුට සියපත්තු අදිකාරම් ධුරය ද ප්‍රධානය කොට තිබේ. පසුව වලපනේ දිසාව ලෙසද කටයුතු කළ හෙතෙම වර්ෂ 1835දී ඉංග්‍රීසි පාලනය යටතේ ශ්‍රි දළදා මාළිගාවේ 5 වැනි දියවඩන නිලමේ තනතුරට පත්ව වසර 7 ක් එම ධුරයෙහි කටයුතු කර තිබේ.

Trending

Exit mobile version