International

වසර 25ක් ඇතුළත ඉන්දියාව සංවර්ධිත රටක් විය යුතුයි – අගමැති මෝදි කියයි.

Published

on

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ඉන්දියාව අද (15) දින සිය 75 වන නිදහස් දිනය සමරනවා.
මෙම දිනය සියලුම ඉන්දියානුවන් විසින් සිහිපත් කරන්නේ 1947 වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ පීඩනයේ විලංගු බිඳ දමා නිදහස ලබා ගත් ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින්. යටත් විජිතකරණයේ දී තමන් ලද දැවැන්තම ජයග්‍රහණය ඉන්දියාව යටත් කර ගැනීම බව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයේ නිසැක විශ්වාසය වී තිබුණා.
බ්‍රිතාන්‍ය කිරුළේ උච්චතම සන්ධිස්ථානයක් ලෙස සලකන ලද්දේ ඉන්දියාවයි. එහි තේරුම මහා බ්‍රිතාන්‍යයට සිය යටත් විජිත අතරින් වැදගත්ම විජිතය වූයේ ඉන්දියාවය යන්නයි. 1757 දී නැගෙනහිර ඉන්දියා සමාගම හරහා බ්‍රිතාන්‍ය පාලනය ඉන්දියාවේ ස්ථාපිත කරන ලද අතර එම සමාගම වසර 100කට අධික කාලයක් ඉන්දියාව පාලනය කළා. බ්‍රිතාන්‍ය රාජ්‍යයෙන් ‘ආසාදි’ (නිදහස) සඳහා වූ සටන සැබවින්ම ආරම්භ වූයේ 1857 වන අතර එය ඉන්දියානු කැරැල්ල ලෙස ද හඳුන්වනවා. බ්‍රිතාන්‍යයන් “බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තියේ” උපක්‍රමය ඉන්දියාව තුළ භාවිත කළ අතර, බ්‍රිතාන්‍යයන් ජාතිය කෙරෙහි ක්‍රමයෙන් තම ග්‍රහණය ශක්තිමත් කර ගැනීමත් සමඟ ඉන්දියාව සෘජු බ්‍රිතාන්‍ය පාලනයට යටත් වුණා. බ්‍රිතාන්‍ය රාජ්‍යයේ විලංගුවලින් ජාතිය මුදා ගැනීම සඳහා නිදහස් සටන්කාමීන් කිහිප දෙනෙකු සිතාගත නොහැකි වේදනාවක් විඳිමින් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් තම ජීවිත පූජා කළා. සුභාෂ්චන්ද්‍ර බෝස්, භගත් සිං, මංගල් පාණ්ඩේ, මහත්මා ගාන්ධි, රාණි ලක්ෂිබායි, සරෝජිනී නයිදු, චන්ද්‍ර ශේකර් අසාද් සහ ආචාර්ය බබාසාහේබ් අම්බෙඩ්කාර් ඇතුළු පිරිස ඉන්දියාවේ බිහිවූ විශිෂ්ටතම නිදහස් සටන්කාමීන්ගෙන් සමහරක්. 75 වන අභිමානවත් නිදහස් සැමරුම දිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේ දී පැවත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. රතු බලකොටුවේ ජාතික ධජය එසවීමෙන් පසු නිදහස් සමරු උත්සවය ආරම්භ වුණා. අඛණ්ඩව 9 වැනි වරටත් ඓතිහාසික රතු බලකොටුවේ සිටි නිදහස් දිනයේ ජාතිය අමතන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (15) ත්‍රිවර්ණ ඉන්දීය ධජයේ ඉරි කිහිපයක් සහිත සුදු පැහැති ජටාවක් පැළඳ සිටීම කැපී පෙනුණා. ඉන්දියාව වසර 25කින් සංවර්ධිත රාජ්‍යයක් විය යුතුයි යැයි අගමැති මෝදි සිය කතාවේදී පැවසුවා. මම තරුණයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි වසර 25 ජාතියේ සංවර්ධනය සඳහා කැප කරන ලෙසයි.

Trending

Exit mobile version