International

වසර පහකට පසු උතුරු කොරියාව නැවතත් සංචාරක කටයුතු සඳහා යළි විවෘත කෙරේ

Published

on

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර පහකට ආසන්න කලායක් දේශසීමා වසා දැමීමෙන් පසු උතුරු කොරියාව ලබන දෙසැම්බර් මාසයේදී එක් නගරයක් විදේශ සංචාරකයින් සඳහා නැවත විවෘත කරනු ඇති බව වාර්තා වනවා.

මේ යටතේ චීනය පදනම් කරගත් සංචාරක ආයතන දෙකක් නිවේදනය කර ඇත්තේ සංචාරකයින්ට හිතකාමී කඳුකර උතුරු නගරයක් වන සැම්ජියොන් නැරඹීමට ඉක්මනින් අවස්ථාව ලැබෙණු ඇති බවයි.

ලෝකය හමුවේ හුදකලා වූ උතුරු කොරියාව 2020 මුළදී කොවිඩ් වසංගතය ආරම්භයේදීම මුද්‍රා තැබුණා.

එම සීමා කිරීම් ආපසු හැරවීමට උතුරු කොරියාව පටන් ගත්තේ පසුගිය වසරේ මැද භාගයේ සිටයි.

දේශසීමා වසා දැමීම් මගින් උතුරු කොරියාව ආහාර හිඟයකටද මුහුණ දුන්නා.

රටේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ජාත්‍යන්තර සම්බාධක පැනවීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය ද කපා හැර ඇති පසුබිමක එම තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බව සඳහන්.

Trending

Exit mobile version