Local News

වතු ප්‍රජාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ප්‍රඥප්ති ගිවිසුමකට

Published

on

සමගි ජන බලවේගය උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්‍රඥප්ති ගිවිසුමකට එළඹී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,  මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් එම්. උදය කුමාර යනාදී වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (12) මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

උඩරට පහතරට වතු කේන්ද්‍රිය ප්‍රජාවට අලුත් ආරම්භයක් අලුත් ගමනක් හා වසර 200ක මෙරට ඉතිහාසය තුළ නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය වන බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.

ඔහු එහිදී සඳහන් කළේ රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට වතු ප්‍රජාවට විශේෂ සේවා රැසක් ඉටු කළ කරමින් වතු ප්‍රජාවට පුරවැසි භාවය ලබා දුන්නත් පුරවැසි භාවයත් සමඟ අප රටේ පුරවැසියන්ට ලැබිය යුතු ශක්තිය, වරප්‍රසාද හා අවස්ථා මේ වන තෙක් ලැබී නොමැති බවය.

ඒ අනුව උඩරට හා පහතරට වතු ප්‍රජාව සමඟ මෙම සමාජ ගිවිසුමකට සමගි ජන බලවේගය ප්‍රවේශ වූ බවත් මෙය මැති ඇමතිකම් හෝ සභාපතිකම් හෝ දේශාපලනඥයන්ට ලැබිය යුතු වරප්‍රසාද වෙනුවෙන් සිදු නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි .

මෙම ගිවිසුම නිර්මාණය වී ඇත්තේ වතු ප්‍රජාවගේ දේශපාලන ආර්ථික සමාජීය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණෙන් බවද ඔහු කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් සඳහන් කළේ  මෙරට ඉතිහාසයේ උඩරට පහතරට ඇතුළු වතු ප්‍රජාවට කළ හැකි උපරිම සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන අතර  තමා බලයට පත් වී පැය 48ක් තුළ මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බවය.

Trending

Exit mobile version