International

ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා

Published

on

ලෝක තැපැල් දිනය සෑම වසරකම ඔක්තෝබර් 9 වන දින සමරනවා.

ඒ 1874 දී ස්විට්සර්ලන්ත අගනුවර වන බර්න්හි විශ්ව තැපැල් සංගමය පිහිටුවීමේ සංවත්සරය සිහිගන්වමින්.

1969 දී ජපානයේ ටෝකියෝ නුවර පැවති විශ්ව තැපැල් සම්මේලනය විසින් ඔක්තෝබර් 9 වනදා ලෝක තැපැල් දිනය ලෙස ප්‍රකාශයට පත් කළා.

එතැන් පටන් ලොව පුරා රටවල් ලෝක තැපැල් දින සැමරුම් සඳහා වාර්ෂිකව සහභාගී වනවා.

නව තැපැල් නිෂ්පාදන සහ සේවා හඳුන්වා දීමට හෝ ප්‍රවර්ධනය කිරීමට බොහෝ රටවල් මෙම දිනය භාවිත කරනවා දැකගත හැකියි.

2024 වසරේ ලෝක තැපැල් දිනයේ තේමාව වන්නේ – වසර 150 ක සන්නිවේදන හැකියාව හරහා ලෝකය පුරා ජනතාව සවිබල ගන්වමු යන්නයි

මේ වසරේදී දී විශ්ව තැපැල් සංගමයත් සිය 150 වැනි සංවත්සරය සමරනවා.

ලෝකයේ පළමු තැපැල් ලේඛණය සොයාගෙන තිබුණේ ක්‍රි. පු. 225 දී.

1838 දී ප්‍රථම පෙර ගෙවුම් තැපැල් ගාස්තු ක්‍රමය හදුන්වා දුන් අතර 1849 දී ලෝකයේ පළමු වරට රූපයක් මුද්දරයකට යොදගෙන තිබෙනවා.

තැපෑල ගුවන් සේවයක් ලෙස ආරම්භ වුනේ 1912 දී .

ලොවපුරා ලක්‍ෂ 50කට අධික පිරිසක් තැපැල් සේවයේ නිරතව සිටිනවා.

මේ නිසාම තැපෑල ලෝකයේ සේවකයන් වැඩිම පිරිසක් සේවය කරන රැකියාවලින් එකක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

ගෝලීය වශයෙන් කාර්යාල 650,000 කට වැඩි සංඛ්‍යාවක් සහ කාර්ය මණ්ඩලය මිලියන 5.3 කින් සමන්විත ජාලයක් තැපෑල සතුවන නිසාම

ඕනෑම කෙනෙකුට, ඕනෑම තැනකට සේවා සැපයීමේ හැකියාවක් තැපෑල සතුයි.

ලොව පුරා බිලියන 1.5 කට අධික ජනතාවක් එනම් ගෝලීය වැඩිහිටි ජනගහනයෙන් ආසන්න වශයෙන් 28% ක් තැපැල් ජාල හරහා මූලික මූල්‍ය සේවාවන ගෙවීම්, මුදල් හුවමාරු කිරීම් සහ ඉතුරුම් වෙත ප්‍රවේශ වනවා.

මෙරට තැපැල් සේවය 1798 දී ආරම්භ වන්නේ ෆෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්.

1857 වසරේ අප්‍රේල් පළමුවැනිදා වික්ටෝරියා රැජිනගේ රූපය සහිත මෙරට පළමු තැපැල් මුද්දරය නිකුත් කෙරුණා.

අදට යෙදෙන 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ මූලිකත්වයෙන් මුද්දර ප්‍රදර්ශනයක් පැවැත්වුණා.

තැපැල් මූලස්ථානයේදී පැවැත්වුණ මේ ප්‍රදර්ශනයට 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරු දැරියන්ට මුද්දර ප්‍රදර්ශන ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version