International

ලබන 25 වනදා අර්ධ සූර්යග්‍රහණයක්.

Published

on

ලබන 25 වන දින අර්ධ සූර්යග්‍රහණයක් දැක ගැ නීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බවට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 25 වන දින පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට එම අර්ධ සූර්යග්‍රහණය දිස්වන බව ඔහු සඳහන් කරයි. යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් සහ කොළඹ නගරයේ පස්වරු 5.43 සිට මිනිත්තු 9ක පමණ කාලයක් මෙම අර්ධ සූර්යග්‍රහණය දිස්වන නමුත් මෙරට දකුණු දිග ප්‍රදේශවලට එම සුර්යග්‍රහණය හොඳින් දිස් නොවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේය. සූර්ය රශ්මිය ඉතා අඩු අවස්ථාවක අර්ධ සූර්යග්‍රහණය සිදුවීම හේතුවෙන් පියවි ඇසින් එය නැරඹීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියා. සූර්යග්‍රහණයක් යළි ශ්‍රී ලංකාවට දිස්වන්නේ තවත් වසර 5කින් පසුව බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ.

Trending

Exit mobile version