International

රොජර් ෆෙඩරර් තම ටෙනිස් දිවියට සමුදෙයි.

Published

on

ජගත් ටෙනිස් පිටියේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වු විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සිය ටෙනිස් දිවියට සමුදුන්නා. ඒ එංගලන්තයේ ලන්ඩන්හිදී පැවැත්වෙන ලේවර් කුසලාන ටෙනිස් තරගාවලියේ මුලික වටයේදී මුහුණ දුන් අනපේක්ෂිත පරාජයෙන් අනතුරුවයි. ලේවර් කුසලානයේ යුගල මුලික වටයේදී යුරෝපා කණ්ඩායම නියෝජනය කරමින් රොජර් ෆෙඩරර්ගේ සගයා බවට පත්වුණේ ක්ලේ කෝට් පිටියේ රජු ලෙසින් සැලකෙන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්. ඔවුන් දෙදෙනා බොහෝ ජගත් ටෙනිස් තරගවලදී ප්‍රතිමල්ලවයන් බවට පත් වුණත්, මෙම තරගයේදී සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තරග වදිද්දී, යුරෝපා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් බවට නොවැක් ජැකොවිච් සහ ඇන්ඩි මරේ පත්ව තිබුණා. ක්‍රීඩාංගණයට රැස්ව සිටි මෙන්ම ක්‍රීඩා පිටියෙන් පිටත රැදී සිටි දහස්සංඛ්‍යාත වූ ක්‍රීඩාලෝලීන්ගේ එකම පැතුම බවට නඩාල් – ෆෙඩරර් පත් වුණත්, ඔවුන්ගේ ප්‍රතිවාදී බවට පත් වු ලෝක කණ්ඩායමේ ඇමෙරිකාවේ ජැක් සොක් සහ ෆ්‍රැන්සිස්ටියා ෆෝ හමුවේ මෙම තරගයෙන් වට 2කට 1ක් ලෙස පරාජයක වැළද ගන්නට යුරෝපා කණ්ඩායමට සිදුවුණා. ඒ 41 හැවිරිදි රොජර් ෆෙඩරර් නම් මේ විශිෂ්ට ක්‍රීඩකයාගේ සමුගැනිමට ඉඩහසර වෙන් කරමින්. ෆෙඩරර්ගේ සමුගැනීමේ සාදය පරාජයක් වෙද්දි, රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ෆෙඩරර් සිය සමුගැනීමේ වචන කිහිපය අමාරුවෙන් ගැටගසා ගත්තා. ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතා 20ක් සිය දෝතට ගත් ෆෙඩරර් සති 310ක් ජගත් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල මුල් තැන ගන්නටත් හැකියාව ලැබුණේ සිය විශිෂ්ටත්වය ලොවට විදහා දක්වමින්. සිය සහෝදර විශිෂ්ට ක්‍රීඩකයින් වන නඩාල්, මරේ, ජැකොවිච් ඇතුළු ක්‍රීඩකයින්ගේ නෙතටත් කදුළක් එක්කරමින් තම වසර 24ක ජාත්‍යන්තර ටෙස්ට් දිවියට ටෙනිස් පිටියේ අහිංසකයා සමුදුන්නේ මෙලෙසින්.

Trending

Exit mobile version