International

රුසියානු ෂෙල් ප්‍රහාරයකින් යුක්‍රේන ප්‍රබල ව්‍යාපාරියෙක් මරුට.

Published

on

යුක්‍රේනයේ දකුණු දිග නගරයක් වන මයිකොලයිව් වෙත එල්ල කෙරුණු දැවැන්ත රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්රේනයේ ධනවත් ම ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 74 හැවිරිදි ව්‍යාපාරික ඔලෙස්කි වඩටුර්ස්කි (Oleksiy Vadatursky) සහ ඔහුගේ බිරිඳ වන රයිසා (Raisa) යි. මියගිය ව්‍යාපාරිකයා ධාන්‍ය අපනයනයට සම්බන්ධ අයෙක් වන අතර ‘නිබුලෝන්’ සමාගම් ජාලයේ හිමිකරුවා ද වනවා. ඔහු “යුක්රේනයේ වීරයා” යන ගෞරව සම්මානයෙන් ද පුද ලැබූවෙක්.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මයිකොලයිව් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙය මෙතෙක් නගරයට එල්ල වූ දරුණුතම රුසියානු බෝම්බ ප්‍රහාරය මෙය විය හැකි බවයි. මෙම ප්‍රහාරයෙන් නගරයේ හෝටලයකට, ක්‍රීඩා සංකීර්ණයකට, පාසල් දෙකකට සහ සේවා මධ්‍යස්ථානයකට මෙන්ම නිවාසවලට ද හානි සිදුව තිබෙනවා.
නගරාධිපතිවරයා ව්‍යාපාරිකයා පිළිබඳ පැවසුවේ ව්‍යාපාරික වඩතුර්ස්කි, මයිකොලයිව් කලාපය හා යුක්රේනය පිළිබඳ බොහෝ දේ කළ බවයි. යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය හේතුවෙන්, තිරිඟු සහ අනෙකුත් ධාන්‍ය අපනයනය කරන ප්‍රධාන රටවල්වල අපනයන කඩාකප්පල් වීම නිසා ලොව පුරා ආහාර මිල ද ඉහළ ගොස් තිබෙනවා.

Trending

Exit mobile version