International

රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම අද.

Published

on

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂී සුනාක් තෙවැනි චාල්ස් රජු විසින් නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය. අනිත් අපේක්ෂකයා වූ පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂී සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එය විනාඩි 10කට සීමා විය. එහිදී ඉදිරියේදී ඇති වන අභියෝග හමුවේ පාලක කන්සවේටිව් පක්ෂය එකමුතුව කටයුතු කළ යුතු බවත් එසේ අකමැති මන්ත්‍රීවරුන් සිටී නම් පිටව යා හැකි බවත් ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ රජයේ නව කැබිනට් මණ්ඩලය හෙට (25) දින පත් කිරීමට නියමිත අතර එහිදී පෙනී මෝර්ඩන්ට් විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස පත් වීමට ඉඩ ඇති බවත් නැවත වරක් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස පත් වීමට ඉඩ ඇති බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය. තවද භාණ්ඩාගාර අමාත්‍ය ධුරයේ ජෙරමි හන්ට් දිගටම කටයුතු කරනු ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේය. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂී සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා වේ. ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ධනවත් වීම විශේෂ සිදුවීමක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය. එසේම නැපෝලියන් යුද්ධයෙන් පසුව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙස රිෂී සුනාක් ඉතිහාස ගත වනවා.

Trending

Exit mobile version