International

රැජිනගේ අභාවයත් සමග බ්‍රිතාන්‍යයේ වෙනස්කම් කිහිපයක්.

Published

on

දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය සමග සමස්ථ මහා බ්‍රිතාන්‍යයම විශාල වෙනසකට බඳුන්වනු ඇති බව විදෙස්
මාධ්‍ය පවසයි. එහිදී එරට ජාතික ගීයේ ‘ගෝඩ් සේව් ද ක්වීන්’ එනම් ‘දෙවියන් රැජින රැකදේවා.’ ලෙස සඳහන් කොටස්, ‘ගෝඩ් සේව් ද කින්ග්’ එනම් ‘දෙවියන් රජු රැකදේවා’ ලෙස සංශෝධනය වීමට නියමිතය. මහ රැජිනගේ අභාවයත් සමග ඇයගේ ශීර්ෂය සහිතව නිකුත් කෙරුණු කාසි බිලියන 29ක්, වෙනුවට චාල්ස් රජුගේ ශීර්ෂය සහිත කාසි නිකුත් කිරීමටත් සිදුවනු ඇත. මේ අතර බකිංහැම් මාළිගය අද පස්වරුවේ නිවේදනය කළේ රැජිනගේ අභාවය වෙනුවෙන් රාජකීය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර එය අවසන් වන්නේ අවමංගල්‍ය උත්සවයෙන් දින 7කට පසුව බවය. රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා පැවැත්වීමට නියමිතය. රැජිනගේ අභාවය සමග නව රජු ලෙස ඇයගේ පුත් 73 හැවිරිදි චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු නමින් පත් කෙරුණි. ඔහු ඉතිහාසයට එක්වන්නේ එරටට තේරී පත්වූ වයස්ගතම අධිරාජ්‍යයා ලෙසය. නව රජු තවත් වසරකින් නිල වශයෙන් රාජාභිෂේකය ලැබීමට නියමිතය.

Trending

Exit mobile version