Local News

රංජන්ගෙන් අලුත් පක්ෂයක්

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නව දේශපාලන පක්ෂයක් එළිදක්වා තිබේ.

“එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” යනුවෙන් පිහිටුවා ඇති එම දේශපාලන පක්ෂයේ ලකුණ මයික්‍රොෆෝනය යි.

එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාව පත්කර තිබේ.

මේ අතර පක්ෂය එළැදැක්වීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා,

“අපි හම්බන්තොට, මාතර වගේ ප්‍රදේශ ඇර අනෙක් සෑම දිස්ත්‍රික්කයේම තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. ගම්පහ ලිස්ට් එක අපි ඊයේ මැතිවරණ කොමිසමට දුන්නා. අනුමැතිය හම්බවුණා. අනෙක් සියලුම දිස්ත්‍රික්කවලට තරග කරනවා.  

මම හිතනවා ජනතාවගේ විශ්වාසය අනුව අපිට වැඩි ආසන ගණනක් ලබාදෙයි කියලා හිතනවා. නොසිතූ දේවල් පසුගිය කාලයේ වුණා. සමහර අය බිංදුවට වැටුණා. සමහර අය සුවිශේෂි ජයග්‍රහණයන් ලබාගත්තා. අපි බලමු මොකද වෙන්නේ කියලා. උතුරු නැගෙනහිරත් අපි තරග කරනවා. මම ගම්පහින්. හැමදාම මට ගම්පහ ජනතාව ඉතා ඉහළින් සැලකුවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version