Local News

රංගේ බණ්ඩාර එජාප මහ ලේකම් ධුරයෙන් ඉවතට

Published

on

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ඔහු සම්බන්ධයෙන් ලැබී ඇතැයි පැවසෙන බරපතල කාරනා කිහිපයක් සැලකිල්ලට ගනිමින් එජාප නායකයා මෙවැනි තීරණයකට එළඹ ඇතැයි පැවසේ.

එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලේකම්වරයා පත්කිරීමේ හා අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂ නායකයා ටය.

පසුගිය දින කිහිපයේ ඔහු ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා නොපැමිණි බවද වාර්තාවේ.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන් වෙත මැතිවරණ මෙහෙයුම් වගකීම් බාරදීමට එජාප නායකයා ඊයේ (28) කටයුතු කර තිබිණ.

නියෝජ්‍ය මහ ලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරා ඇතුළු පිරිසට ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේ ද රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්ක වල සම්බන්ධීකරණ කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

මූලාශ්‍ර
theleader.lk

Trending

Exit mobile version