Sports

යුපුන් ලෝකඩයෙන් සැරසෙද්දී පාලිත රිදියෙන් සැරසෙයි.

Published

on

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සමගාමී ව පැවැත්වෙන පැරා තරගාවලියේ දී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් ජයග්‍රහණය කර තිබෙනවා. එම පදක්කම දිනා ගත්තේ, පාලිත හලගහවෙලගෙදර විසින්.
පිරිමි කවපෙත්ත විසිකිරීමේ (පැරා) ඉසව්වෙනු යි ඔහු රිදී පදක්කම දිනා ගත්තේ. පාලිත හලගහවෙලගෙදර දැක්වූ දක්ෂතාව සටහන් වුණේ මීටර් 44.20ක් ලෙසින්. ඊයේ (03) පැවති පොදු රාජ්‍ය මණ්ඩල මීටර් 100 ඉසවුවේ අවසන් මහා තරග‍යෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.
ඔහුට පළමු සුබ පැතුම ද එක් කළේ, පාලිත හලගහවෙලගෙදර විසින් වීම විශේෂත්වයක්.

Trending

Exit mobile version