International

යුක්‍රේන ජනපති තුවාල ලබයි.

Published

on

ඊයේ (14) කියෙව්හි දී සිදු වූ රිය අනතුරකින් යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ රිය අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ලේකම්වරයා උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කරන්නේ, ජනාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථයේ සහ ඔහුගේ පරිවාරක රථවල වෙනත් මෝටර් රථයක් ගැටී ඇති බවයි. එම අනතුරින් ජනාධිපතිවරයාට සුළු තුවාල පමණක් සිදුව ඇති අතර ඒවා බරපතළ තත්ත්වයේ නොමැති බවයි විදෙස් මාධ්‍ය සටහන් කරන්නේ. යුක්‍රේන හමුදාව විසින් නැවත අත්පත් කර ගත් කාර්කිව් නගරයට ඊසානදිගින් පිහිටි ඉසියුම් නගරය බලා සංචාරය කරමින් සිටින අතරතුරයි ජනාධිපතිවරයා මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

Trending

Exit mobile version