Politics

මෙරට 8 වන ජනපති රනිල් වික්‍රමසිංහගේ දිවුරුම්දීම හෙට

මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරුවේ එම ධුරයේ දිවුරුම්දීමට නියමිතයි. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම දිවුරුම්දීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Published

on

මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරුවේ එම ධුරයේ දිවුරුම්දීමට නියමිතයි. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම දිවුරුම්දීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ පැවති රහස්ඡන්දයේදී නව
ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණේ ඡන්ද 134 ක් ලබා ගනිමින්.
ඔහු 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වරක් කටයුතු කර තිබේ. 2018 ඔක්තෝම්බර් මස 26 වැනි පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් 2018 ඔන්තෝම්බර් මස 15 වැනි දින ඉල්ලා අස් වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යලිත් 2018 දෙසැම්බර් මස 16 වන දින පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ පත් කරනු ලැබීය. පස් වතාවක් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් කටයුතු කරනු ඇතී.

Trending

Exit mobile version