International

මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිරදඬුවමක්.

Published

on

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරට අපරාධ අධිකරණය විසින් වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එම තීන්දුව ලබාදුන්නේ මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් අනතුරුවය. සිරදඬුවමට අමතරව අබ්දුල්ලා යමීන්ට අමෙරිකානු ඩොලර් මිලියන පහක දඩයක් ද නියම කෙරුණා. කෙසේ නමුත් හිටපු ජනාධිපති මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. රජයේ අරමුදලකින් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් යටතේ 2019 වසරේදීත් හිටපු ජනාධිපති යමීන් වරදකරු වූ අතර එහිදීත් වසර 5ක සිරදඬුවම් සහ දඩයක් නියම කෙරුණි. 2020 වසරේදී නිවාස අඩස්සියට පත් හිටපු ජනාධිපති යමීන් නිදහස ලැබුවේ මාස කිහිපයකින් පසුවය.

Trending

Exit mobile version