Breaking News

මං වැඩ කරන්නේ කුස්සිය ගැන හිතලා – රනිල් කියයි

Published

on

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, කන්තලේ පැවති ජන රැලියකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා :

“මං දන්නවා මේ හැම කුස්සියටම තිබුණ ප්‍රශ්නය. මේ කාන්තාවන්ට තිබුන ප්‍රශ්නය. බඩු මිල දෙගුණයක් වුණා ඒ අතරතුර අතේ තියෙන සල්ලි වලින් කොටසක් බදු ගෙවන්න වුණා. හරි අමාරුවෙන් හිටියේ..සමහර අය එක වේලක් කන්නේ නැතුව හිටියා දරුවන්ට දෙන්න. අදත් ඒ විශාල ප්‍රශ්න තියෙනවා හැම එක්කෙනාටම. තවත් තියෙනවා ජීවන බර සැහැල්ලු කරන්න.ඒක තමයි එන අවුරුද්දේ ඊළඟ වැඩ කටයුතු මං කරනවා කියලා කියන්න කැමතියි. ඒත් හැම වෙලේම මං කුස්සිය ගැන හිතලා තමයි ඒ වැඩ කටයුතු කරන්නේ කියලා මං ඔබ සියලු දෙනාටම මතක් කරන්න කැමතියි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version