International

බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස තුන්වන චාල්ස් රජු ඔටුනු පළදයි.

Published

on

තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අද කිරුළ පළදිනු ලැබුවා.
ඒ දෙස් විදෙස් ආරාධිතයන් 2000කගේ සහභාගීත්වයෙන්. බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සමග රජ බිසව කැමිලාද මෙහි දී ඔටුනු පැළදුවා. රාජාභිෂේක උත්සවය පැවති වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත චාල්ස් රජු සහ කැමිලා ‍රැජින බකිංහැම් මාලිගයේ සිට පැමිණියේ විශේෂ රාජකීය පෙරහැරකින්. රජු සහ රැජින එම රාජකීය පෙරහැරේ පැමිණීමට යොදා ගෙන තිබුණේ දෙවන එලිසබෙත් රැජින විසින් භාවිත කළ ඇගේ දියමන්ති ජුබිලි අශ්ව කරත්තයයි. වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත පැමිණෙන මග දෙපස රැස්වූ විශාල ජනකායක් චාල්ස් රජු සහ කැමිලා රජ බිසවට සුබ පැතුම් එක් කළා. රාජාභිෂේකය පැවැත්වෙන දේවස්ථානයට පැමිණි පසු චාල්ස් රජු එඩ්වඩ් රජුගේ අසුන යනුවෙන් හැදින්වෙන රාජාභිෂේක පුටුවෙහි අසුන් ගත් අතර එය සියවස් ගණනාවක් ඉපැරණි කැටයම් සහිත ලී පුටුවක් වීම විශේෂත්වයක්. රාජකීයයන් කිරුළු පැළදීමේදී අසුන් ගැනීමට මෙම පුටුව යොදා ගැනීම බ්‍රිතාන්‍ය සම්ප්‍රදායයි. මෙම පුටුව පළමු වරට භාවිත කරනු ලැබුවේ 1296 වසරේදී පළමුවන එඩ්වඩ් රජු විසින්. චාල්ස් රජුගේ රාජාභිෂේකයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් පහතින්,

Trending

Exit mobile version