Local News

‘බස්ධාවනය අද සිට උපරිම ධාරිතාවයෙන්’ නොමිලේ දෙන කෝටාවක් ගැනත් හෙළිදරව්වක්.

Published

on

ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් පසුගිය දිනවල සීමාසහිතව ධාවනය කළ
පෞද්ගලික බස්රථ අද සිට උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන බව බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ පාසල් දින පහේම පැවැත්වීම සහ රාජ්‍ය සේවය යලි සක්‍රිය කිරීමට අවධානය යොමු කිරීමත් සමඟ මෙලෙස පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය තත්වයට පත් කිරීමට තීරණය කළ බවයි. මේ අතර මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් ඩීසල් නෞකාවක් අද හෝ හෙට දිවයිනට ලගා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම නෞකාවේ අඩංගු ඩීසල් අතර සුපර් ඩීසල්ද වන බවයි එම සංස්ථාව සදහන් කළේ. එසේම, බොරතෙල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 20,000 ක් රැගත් තවත් නෞකාවක් එළැඹෙන 23 ත්, 29 ත් අතර දිනයකදී දිවයිනට ළඟාවීමට නියමිත අතර, ලබන සතියේ මැද භාගය වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ව්‍යාපාරික ආයතන වලට කිව් ආර් කේතය සදහා දුරකථන අංක කිහිපයකින් ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ට්ව්ටර් සටහනක් තබමින් කියා සිටියේ රජයේ ආයතන, සංවිධාන හා ව්‍යාපාර සදහා මෙම පහසුකම සැලසෙන බවයි. සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ වෘත්තීය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ හිමියන්ට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම විෂයභාර අමාත්‍යවරයා විසින් නොමිලේ ලබා දෙන ඉන්ධන කෝටාවක් සම්බන්ධයෙන්ද එහිදී ඔහු අනාවරණයක් සිදුකළ අතර වහාම අමාත්‍යවරයා ඒ පිළිබදව ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

Trending

Exit mobile version