International

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ස්කොට්ලන්තය හමුවේ ලකුණු 42ක පරාජයක් ලබයි!

Published

on

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ඊයේ ආරම්භ වූවා. එම තරග වටයේ පැවැති තෙවන තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා ලකුණු 42ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් අමතක නොවන ජයග්‍රහණයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක Nicholas Pooran ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 160ක් රැස්කිරීමට සමත් වුණා. ස්කොට්ලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ George Munsey පන්දු 53කදී හතරේ පහර 9ක් සමග ලකුණු 66ක් වාර්තා කිරීමට සමත් වුණා. Calum MacLeod ලකුණු 23ක් රැස් කළ අතර Michael Jones ලකුණු 20ක් රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී Jason Holder සහ Alzarri Joseph කඩුළු දෙක බැගින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට පන්දුවාර 18.3ක් අවසානයේ සියළුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 118ක් පමණයි. බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Jason Holder පන්දු 33කින් ලකුණු 38ක් රැස් කළ අතර Kyle Mayers ලකුණු 20ක් රැස් කළා. පන්දු යැවීමේදී Mark Watt කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.

Trending

Exit mobile version