International

පෘථිවිය මෙන් ජීවීන්ට හිතකර තවත් ග්‍රහලෝකයක් හමුවෙයි.

Published

on

ජීවීන්ට හිතකර තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පවසනවා. මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ. එසේම වැඩිදුරටත් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති බවය. TOI 700 e ලෙසින් නම් කර ඇති මෙම ග්‍රහලෝකයේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ එහි විශාලත්වයද පෘථිවියට සමාන වීමය. මේ අතර එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ පෘථිවියේ සිට එම ග්‍රහලෝකය වෙත යානයක් යැවීමට වසර 100ක පමණ කාලයක් ගතවනු ඇති බවය. මීට පෙරද ජීවීන්ට හිතකර ග්‍රහලෝකයක් 2020දී සොයාගෙන තිබුණා.

Trending

Exit mobile version