Breaking News

පුළුවන් කියන ජනාධිපතිගේ “පුළුවන් ශ්‍රී ලංකා” නිල ගීතය එළි දකී

Published

on

ස්වාධින අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරයේ නිල තේමා ගීතය මේවනවිට සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත.

නිවහල් රටක් 
නිදහස් බිමක්
‍අපිට පුළුවන් 
ඒ රට හදන්න 
පුළුවන් ශ්‍රී ලංකා 
උරුමයි මව් ලංකා 

අපිට වෙන රටක් නැහැ
ලෝකයේ
ආපසු හැරෙන්න බැහැ
අපිට මේ රටේ
එකතුවෙමු අපි රට හදමු
එකෙකු ලෙසින් 
අපි සිතමු
පුළුවන් ශ්‍රී ලංකා 
උරුමයි මව් ලංකා 

මහද්වීපයක සැප සම්පත් පිරි
ලොවටම අරුමයි
අපටම උරුමයි
රට හදමු 
අපි දිනමු
එකතුවෙලා අපි රට හදමු
එකතු වෙමු
රට හදමු
එකෙකු ලෙසින් අපි සිතමු
එකතු වෙමු
රට හදමු 
එකෙකු ලෙසින් අපි සිතමු

පුළුවන් ශ්‍රී ලංකා 
උරුමයි මව් ලංකා
පුළුවන් ශ්‍රී ලංකා

Trending

Exit mobile version