Local News

පිටුවහල් කළ බ්‍රිතාන්‍ය තරුණියගේ අභියාචනය, අධිකරණය ඉවත දමයි

Published

on

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගම විගමන බලධාරීන් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් බ්‍රිතාන්‍ය ජාතික කේලී ෆ්‍රේසර් නම් තරුණිය ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද(16) නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කෙරුණා. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පැවැති විරෝධතා තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වාර්තා කළ කේලී ෆ්‍රේසර් නම් මෙම තරුණිය විසින් මෙම පෙත්සම ගොනු කළේ තමන්ව අත්තනෝමතික ලෙස පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගත් තීරණය අවලංගු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ දී ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්‍ය බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටි අතර එයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් තමාට ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි. මේ අතර පසුගිය දා ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජික ෆොයොසෝල් චව්ද්‍රි විසින් බ්‍රිතාන්‍යයේ මෙරට මහ කොමසාරිස්වරිය වන සාරා හුල්ටන්ට ලිපියක් මගින් දන්වා තිබුණේ, ශ්‍රී ලංකාවේ මහජනතාව වෙනුවෙන් අරගලය පිළිබදව සිය සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ අදහස් දක්වා තිබූ, කේලී ෆ්‍රේසර් (ස්කොට්ලන්ත ජාතික) ට ශ්‍රී ලංකාවේ දී තුළ මුහුණ පෑමට සිදු වූ දෑ සම්බන්ධයෙන් දැනට ම ජාත්‍යන්තර අවධානය යොමුව ඇති බවයි.
එබැවින්, එසේම මෙම සිද්ධියට මුහුණ පෑ ස්කොට්ලන්ත ජාතික තරුණිය වෙනුවෙන් පෙනී සිටින ලෙස ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගෙන්, ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජිකයා ඉල්ලා සිටිනවා.

Trending

Exit mobile version