Local News

පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අවසන් වෙයි.

Published

on

09 වන පාර්ලිමේන්තුවේ 3 වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව 09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය එළඹෙන පෙබරවාරි 8 වන දින පෙරවරු 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. සැසිවාර‍යක් අවසන් කිරීමෙන් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදුවෙනවා. ඒ අනුව 75 වන නිදහස් දින සැමරුමත් සමග රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති, නව නීති හා පනත් සහ 2023-2048 කාලසීමාවේ නිදහසේ සියවස් සැමරුම දක්වා රටේ උන්නතිය වෙනුවෙන් පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Trending

Exit mobile version